මුලින් ගෝඨාභයට රැවටුන කාදිනල් තුමා දැන් ජවිපෙ ට රැවටෙන්න යනවා… රංගේබණ්ඩාර කියයි!
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ කාදිනල් තුමා මුණගැසී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන බව කී එජාප මහලේකම්වරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්නට හැදුවේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් තුමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතුව තිබෙන්නේ යැයිද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහ ලේකම්වරයා මේ බව පැවසීය.
– ලංකාදීප
මුලින් ගෝඨාභයට රැවටුන කාදිනල් තුමා දැන් ජවිපෙ ට රැවටෙන්න යනවා… රංගේබණ්ඩාර කියයි!
2024-04-19T23:57:00+05:30
Gossip Lanka Hot News






