gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එරන්ද ගිනිගේ කාංචනගෙන් ගුටි නොකා බේරිලා තියෙන්නේ අනූ නවයෙන්!

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කැපවූ වියත් මගෙහි සාමාජිකයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරීකයෙක් ලෙස හඳුන්වා ගන්නා  එරන්ද ගිනිගේ විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගෙන් ගුටි නොකා   අනූ නවයෙන් බේරුණ සිද්ධියක් ලංකාසරට වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය සතියේ  කොළඹ 07, විජේරාම මාවත පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසේදී පොදු ජන පෙරමුණේ විධායක සභාව රැස්වූයේය. එම අවස්ථාවට එරන්ද ගිනිගේ ද සහභාගී වී සිටියේය.

එරන්ද ගිනිගේ යනු මේ අවස්ථාව වනවිට රාජපක්ෂවරුන්ට එරෙහිවන බව තමන් උපකල්පනය කරනා පොහොට්ටුවේ සාමාජිකයින්ට ද සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින පුද්ගලයෙකි. ඔහු විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමති  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද රනිල්ට කඩේ යන පුද්ගලයින් සේ හඳුන්වා දෙමින් සමාජ මධ්‍ය හරහා ප්‍රසිද්ධියේ විවේචනය කර තිබිණි.

විධායක සභාව නිමා වී පිටතට පැමිණෙමින් සිටිය දී කාංචන විජේසේකර එරන්ද ගිනිගේ ව දැක තිබේ. ඔහු දුටු හැටියේම බරපතල ලෙස කිපුණු කාංචන විජේසේකර එරන්ද ගිනිගේ අමතමින් ගෝඨාභය රාජපක්ෂ විනාශ කර මෙතනත් විනාශ කිරීමට පැමිණියේ දැයි විමසා ඔහු ලඟට ගොස් ඇත්තේ ඔහු මුනගැසෙන තුරු බලා සිටි බව කියමිනි.

එම අවස්ථාවට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක් වි ඇති අතර එරන්ද ගිනිගේ ට පහර දෙන්නට ගිය කාංචනව වළක්වා ගැනීමට වටේ සිටි පිරිසට දැඩි ආයාසයක් දරන්නට සිදුවූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් තත්ත්වය සමතට පත් කර ඇත්තේ ගුටි කන්නට නොදී බේරාගත් එරන්ද ගිනිගේ හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිටත් කර හැරීමෙනි.

“උඹ ආයෙ මගේ  ඇහැට පේන්න ඉන්න එපා… “ කාංචන එරන්ද ගිනිගේ ට අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka