අවලෝකිතේෂ්වරට විශේෂ රාජ්‍ය සහතිකයක් නිකුත් කරයි
පසුගිය වකවානුව පුරා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටිමින් අවධානය දිනාගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් සහතික කොට තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඒ බව මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා තිබුණි.
එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර එම දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.
අවලෝකිතේෂ්වරට විශේෂ රාජ්‍ය සහතිකයක් නිකුත් කරයි
2024-04-25T07:44:00+05:30
Gossip Lanka Hot News





