සමගි ජන බලවේගය විසින් යෝජනා කළ 'රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදයට' ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව එම පක්ෂයේ ජාතික විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්ථිර කර තිබෙනවා.
ඒ අනුව ඔහු සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ, විවාදය 2024 මැයි මාසයේ 07, 09, 13 හෝ 14 යන දිනවලින් එක් දිනක පැවැත්වීමට තම පක්ෂය සූදානම් බවයි.
මෙම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් ඇති බවයි ජයතිස්ස මහතා සිය ලිපියෙන් දන්වා ඇත.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ඔහු ලිපියෙන් දන්වා තිබේ.
විවාදයට ජාතික ජන බලවේගය සූදානම් බව පවසමින් යොමුකළ ලිපිය