ඊබ්‍රාහිම් කියන්නෙ සම්මානනීය පුද්ගලයෙක්... අපිටත් මිනිස්සු කාල බලන්න බෑ - අනුර කුමාර
පාර්ලිමේන්තුවේ පැවති පාස්‍කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී නැඟුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ, පසුගිය 2015 මැතිවරණයයට ජ.වි.පෙ ජාතික ලැයිස්තුවෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මොහොමඩ් ඊබ්‍රාහිම් නම් පාස්කු ප්‍රහාරය හා චෝදනා නැගුණු පුද්ගලයා මහින්ද රාජපක්ෂ, ජී.එල් පීරිස් සහ සුජීව සේනසිංහ ආදී දේශපාලඥයන්ගෙන් 2014,15 සහ 17 යන වසරවලදී විවිධ සම්මානයන්ට ලක්වූ තැනැත්තෙකුද වන බවයි.
පාස්කු ප්‍රහාරයෙන් වසර 5ක් ගෙවී ගොස් ඇති පසුබිමක ඊබ්‍රාහිම්ට විරුද්ධව යම්කිසි නඩුවක් ගොනුකර තිබේනම් ඔහුට විරුද්ධව ඇති චෝදනා කවරේද යන්න අනුර කුමාර දිසානායක විසින් ප්‍රශ්න කළේය.
තම පක්ෂයට මිනිසුන් සම්බන්ධ කර ගන්නේ ඔවුන්ගේ භාවිතාව අනුව මිස, මිනිසුන් කාලා බැලිය නොහැකි බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට වරදක් සිදුවිය හැකි බවද කියා සිටියේය.
ඊබ්‍රාහිම් කියන්නෙ සම්මානනීය පුද්ගලයෙක්... අපිටත් මිනිස්සු කාල බලන්න බෑ - අනුර කුමාර
2024-04-26T07:28:00+05:30
Gossip Lanka Hot News






