මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපතිකම තහනම්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත්කර තිබේ.
මෙම අතුරු තහනම අප්‍රේල් මස 18 වැනිදා දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තුළින්ම විවේචන එල්ලවූ බව පසුගිය දිනවල වාර්තා විය.
මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපතිකම තහනම්!
2024-04-04T14:59:00+05:30
Gossip Lanka Hot News






