හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වීම වරදක් බව ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනවා.
ආණ්ඩු වීරෝධි විරෝධතා පැවැති සමයේ බුද්ධි අංශ තම කාර්යාලය නිසි ලෙස ඉටු නොකළ බව ද සුගීෂ්වර බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් සමස්ත ආරක්ෂක අංශය කඩා වැටීමට ලක් වූ බවයි, ඒ මහතා අවධාරණය කළේ.
හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඔහුගේ සමීපතම නිලධරයන් රැසක්ම තමන්ගේ වගකීම් පැහැර හරින ලද බව ද ඔහු කියා සිටියා.
2022 වසරේ මාර්තු 31 වනදා මිරිහාන පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස විරෝධතාකරුවන් වටලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නිවස තුළ සිටින බවයි, හිටපු පෞද්ගලික ලේකම්වරයා අනාවරණ කළේ.
එය ඔවුන් දෙදෙනා අතර සිදු වූ පෞද්ගලික සාකච්ඡාවක් වූ බව ද ඔහු කියා සිටියා.
නිවස අසල විරෝධතාවක් පැවැත්වීමට 150ක පමණ පිරිසක් පැමිණෙන බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබුණා.
කෙසේ වෙතත් එම ප්‍රමාණය 2500කට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි බුද්ධි නිලධාරින් ප්‍රකාශ නොකළ බවයි සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කළේ.
එය පාලන කිරීම සඳහා කැරලි මර්දන ඒකක යොමු කිරීම ප්‍රමාද වුණා.
ඒ සම්බන්ධයෙන් එම කාලයේ දී සිටි ආරක්ෂක අංශ ප්‍රධානින්ගෙන් ජනතාව ප්‍රශ්න කළ යුතු බවට ද ඔහු ඉල්ලීමක් සිදු කරනවා.
අදාළ විරෝධතාකරුවන් පළ හැරීමට ආරක්ෂක පැය භාගයක් පමණ ප්‍රමාද වූයේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට සැලසුම් කර තිබූ බවටයි, ඔහු අනාවරණ කළේ.
මෙම විරෝධතාව සඳහා මුස්ලිම් ප්‍රජාවේ අය නායකත්වය ලබා දුන් බව ද හිටපු පෞද්ගලික ලේකම්වරයා හෙළිදරව් කළා.
මැයි මස 09 වැනිදා විරෝධතාව සඳහා 25,000ත් 30,000ත් අතර පිරිසක් එක් වන බවයි, බුද්ධි අංශ දැනුම් දී තිබුණේ.
කෙසේ වෙතත් එය අතිවිශාල පිරිසක් ලෙස පරිවර්තනය වනු ඇතැයි බුද්ධි ප්‍රධානියා දැනුවත් ව නොසිටි බව ද සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කළා.
අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු හෙළිදරව් කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටවීම සඳහා ඉන්දියාව පෞද්ගලික ජෙට් යානාවක් ලබා දීමට සූදානමින් සිටි බවයි.
කෙසේ වෙතත් අවසන් මොහොතේ දී ඔවුන් විසින් එය ලබා දී නැහැ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා මාලදිවයින බලා ගමන් කළ බවත්, ඒ සඳහා ඕමල්පේ සෝභිත නාහිමියන් සහාය වූ බවට අසත්‍ය කරුණු ප්‍රකාශ කරන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියා.
ධුරයෙන් ඉවත් වී කරුජයසූරිය මහතා ජනාධිපතිවරයා ලෙස නම් කරන ලෙසට උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බවයි ඒ මහතා හෙළිදරව් කළේ.
මෙවන් පසුබිමක ඕමල්පේ හිමියන් තවදුරටත් තවදුරටත් සිංහල බෞද්ධ ජාතික බලවේගය නියෝජනය නොකරන බව ද ඔහු කියා සිටියා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමේ තිරය පිටුපස කතෝලික පල්ලිය, මුස්ලිම් ප්‍රජාව සහ දෙමළ ඩයස්පෝරාව සිටි බවත් සිංහල බෞද්ධ බලවේග ඒ අතර නොසිටි බවයි, පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
