ෆොනීගේ පැමිණිල්ලට එරෙහිව සජබ විරෝධතා ගොනුකරයි
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොනුකර ඇති පැමිණිල්ලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ නිලධාරීහු අපේක්ෂා කරති.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පෙබරවාරි 19 වැනිදා නිකුත් කළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව සජබ නායක සජිත් ප්‍රේමදාස සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයට අද දැනුම් දුන්නේය.
හිටපු යුද හමුදාපති දයා රත්නායකට පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමට එරෙහිව තමන් කළ ප්‍රකාශ මත සජබ විසින් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීම වළක්වාලමින් සරත් ෆොන්සේකා මෙම වාරණ නියෝගය ලබාගත්තේය.
මෙම කරුණ අද පස්වරු 1.30ට විරෝධතා සඳහා කැඳවීමට නියමිතයි.
ෆොනීගේ පැමිණිල්ලට එරෙහිව සජබ විරෝධතා ගොනුකරයි
2024-03-04T13:20:00+05:30
Gossip Lanka Hot News





