gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැවැන්ත අපරාධයක් අවුරුදු 05ක් සඟවාගෙන සිටිමත් බිහිසුණු අපරාධයක්... දේශද්‍රෝහියාට එරෙහිව නීතිය ඉදිරියට යනවා - සිරිල් ගාමිණී පියතුමා කියයි

අපරාධයක් සැඟවීමත් අපරාධය හා සමාන වරදක් බවත්, රටේ  හිටපු ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමතිවරයා රටේ සිදුවූ බිහිසුණුම සමූහ ඝාතනය වසර පහක් තිස්සේ සඟවාගෙන සිටී නම්   දේශබන්දුලා කළ යුත්තේ මේ දේශද්‍රෝහී  පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගෙන උසාවියට කරුණු වාර්තා කර ඉදිරි කටයුතු කරගෙන යෑම බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ලංකාසර කළ විමසුමක දී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කීවේ යුක්තිය යනු කුඩු ඇල්ලීම පමණක් නොවන බවත්, පොලිසියේ කාර්යභාර්ය කුඩු මෙහෙයුම්වලට සීමා නොවන බවත් දේශබන්දු තෙන්නකෝන් වෙත දන්වා සිටින බවය.

යුක්තිය ඉටුවනතුරු බලා සිටින බව කී සිරිල් ගාමිණි පියතුමා මේ ප්‍රකාශය සම්බන්ධව නීතිය ඉදිරියට යෑමට සියලු කටයුතු කරන බව ද කීවේය.

සිරිල් ගාමිණී පියතුමා කීවේ මෙවැන්නකි.

අපරාධයක් දැනගෙන සඟවාගෙන සිටීම අපේ නීතියට අනුව අපරාධමය වරදක්.   අපරාධයක් වසන් කිරීමත්  අපරාධය හා සමාන වරදක්.

හරිනම් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්න ඕන එයාව ගෙන්වලා ප්‍රශ්න කරලා ප්‍රකාශයක් අරන් උසාවියකට වාර්තා කරලා ඉදිරි කටයුතු කරන එක.

කවුරුහරි මිනී මැරුමක් කරනවා දන්න සාක්ෂියක් තියනවා නම් දැක්කා නම් හරියටම දැනගත්තා නම් ඒ බව දන්නවා කියලා සාමාන්‍ය මිනිහෙක් කිව්වා නම් පොලිසිය කරන්නේ මොකක්ද?. එය මේ පුද්ගලයා වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි.

හිටපු  ජනාධිපතිවරයාගෙ මෙම ප්‍රකාශයෙන්  තේරුම් ගන්න පුලුවන් කාරණා කීපයක් තියනවා. මේක පිටිපස්සේ සහරාන් හැරෙන්න තව කට්ටිය ඉන්නවා කියන එක. අපි කතා කළ මහමොළකරුවාගේ අදහස මේ කියන කතාවෙන් ඔප්පු වෙනවා.

මේ අපරාධයවන අවස්ථාවේ  ජනාධිපතිවරයා හැටියට එයා හිටියේ. එයා ආරක්ෂක ඇමති ලෙස හිටියෙ. ඒ අපරාධය සිදුවූ අවස්ථාවේ දී  රටේ ජනතාව පිළිබඳ වගකීම රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබුනේ මේ පුද්ගලයා යටතේ .  එවැනි පුද්ගලයෙක් මේක සඟවාගෙන ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම දේශද්‍රෝහී කමක්.

අප දන්නවා මේක සමූහ ඝාතනයක්. 273ක් ඝාතනය කළා. අවුරුදු 05ක් තිස්සේ මේකට අසරණ මිනිස්සු  වද වෙනවා. මිනිස්සු දුක් විඳිනවා. වේදනා විඳිනවා. එහෙම තියෙද්දි මේ වගේ පුද්ගලයෙක් මේක  අවුරුදු 05ක් තිස්සේ සඟවාගෙන ඉන්නවා කියන්නේ  මොනතරම් බරපතල තත්ත්වයක් ද?. රටේ නීතිය නිවැරදි නම් මේ වනවිට එයා ඉන්න ඕන රිමාන්ඩ් එකේ.

දැන් අපි ප්‍රකාශ කළ විදිහටම මේ ප්‍රහාරය පසුපස බොහොම පැහැදිලිව කුමන්ත්‍රණයක් තිබුණා කියන එක පෙනෙනවා. දැන් සී.අයි.ඩී එකෙන්  මොහුව අත් අඩංගුවට ගත යුතුයි. දේශබන්දුලා මහා හයියෙන් කෑ ගහනවා යුක්තිය කියලා. යුක්තිය කියන්නේ කුඩු අල්ලන එක විතරක් නෙමෙයි. පොලිසියේ කාර්ය භාර්යය කුඩු ඇල්ලීම පමණක් නොවෙයි.

අපි යුක්තිය වෙනුවෙන් වැඩ කරනවා කියලා දැන් ඔහු  පෙන්වන්න ඕන.

මේ සම්බන්ධව  නීතිමය පැත්තෙන් අනිවාර්යයෙන් කටයුතු කරනවා.

කීර්ති ප්‍රනාන්දු
ලංකාසර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka