සනත් නිශාන්තගේ බිරිඳ පොහොට්ටුව ඇතුළට එයි! මහින්දගේ ගෙදරදි ලොකු තනතුරක් දීලා!
පොහොට්ටුවේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න පත්කළ බව එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ) පත්වූ බවයි ඔහු කියන්නේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බව ඔහු පවසනවා.
පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක පත්කළ බවත් පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්යය බවත් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරනවා.
සනත් නිශාන්තගේ බිරිඳ පොහොට්ටුව ඇතුළට එයි! මහින්දගේ ගෙදරදි ලොකු තනතුරක් දීලා!
2024-03-28T15:43:00+05:30
Gossip Lanka Hot News






