gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ අභියෝගය බාර ගන්න බැසිල් සජිත් සමග එක්වෙයි

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු හට ඇමති ධුර ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට එල්ල කරන ලද පීඩනය යළි බැසිල් රාජපක්ෂ වෙත හැරවීමෙන් පසුව නව ක්‍රියාමාර්ග දියත් කර ඇති බව අනාවරණය වේ.

පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබලයින්ට රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවකට මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ අත්සන් ලබා ගෙන පැමිණෙන ලෙස ය. බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡා බිඳ වැටීමේ පසුබිම තුළ සජිත් ප්‍රේමදාස සමග එක්වී අත්සන් 113 ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය දියත් කර ඇත. මේ වෙනුවෙන් ඍජුවම බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වී සජිත් ප්‍රේමදාස සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමට මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි හෙළිවේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka