අද (08) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව සවිබල ගැන්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙල එළිදක්වන බව කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීනී සඳමාලි උළුවඩුගේ සදහන් කළාය.
කාන්තාවන් වෙනුවෙන් රජය ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩපිළිවෙල සහ කාන්තාවන් එකතු කරගෙන කාන්තාවන්ගේ දායකත්වයෙන් රටට ප්‍රතිලාභයක් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවද සඳමාලි උළුවඩුගේ සදහන් කළාය.
රටේ සමහර දේශපාලන කණ්ඩායම් කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරමින් සිටින බවද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳමාලි උළුවඩුගේ සදහන් කළාය.
