2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් රචිත ග්‍රන්ථය අද (23) ජනගත කිරීමට නියමිතව තිබෙනවා.
සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ඇති මෙම උත්සවයේ වැඩ කටයුතු පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතයි.
පිල්ලයාන් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ නායකයා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වනවා.
මෙම කෘතිය නම් කර ඇත්තේ, 'ඊස්ටර් පඩුකොලෙයි' (පාස්කු සංහාරය) යනුවෙන්.
පර්යේෂණ කෘතියක් වන මින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් ආන්දෝලනාත්මක කරුණු හෙළි විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ අදහස වනවා.