මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව මැද යකා නටති... අත්අඩංගුවට ගත් පිරිසක් මුදාහරින්නැයි විරෝධතා!
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව පළමු අවස්ථාවේම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
කෝවිලකදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සියලු දෙනාම වහා නිදහස් කළ යුතු බවත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනා ගොනු කරමින් බවත් මන්ත්‍රීවරුන් කියා සිටියහ.
ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණයකට ඉදිරිපත් කර ඇති සැකකරුවන් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.
මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව මැද යකා නටති... අත්අඩංගුවට ගත් පිරිසක් මුදාහරින්නැයි විරෝධතා!
2024-03-19T12:01:00+05:30
Gossip Lanka Hot News






