නවගත්තේගම සෙන්ගක්කුලම ද්විතීය වනාන්තරයෙන් අක්කර 15ක් කපා දමා පොල් සිටුවීමට නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.එම් ඉන්දික සේනාධිපති දේශපාලන බලයද යොදා ගනිමින් වෑයම් කරනමින් සිටින බව වාර්තා වේ.
මේ සඳහා ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු හා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහාය ලබා දෙමින් සිටින බව පරිසර සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.
අක්කර 200කින් යුක්ත ද්විතීය වනාන්තර ලක්ෂණ සහිත මෙම සෙන්ගකුලම වනාන්තරය යම් හෙයකින් මේ සඳහා ලබා දුන්නොත් බරපතළ ගැටලු ඇතිවිය හැකි බව පරිසර සංවිධාන නියෝජිතයෝ පවසති.
සෙංගකුලම වනයෙන් හිටපු සභාපතිවරයාට අක්කර 15කට ආසන්න භූමියක් ලබා දෙන ලෙස නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුත්තලම දිසා වන නිලධාරිට ලිපි මගින් ඉල්ලීම් කර තිබෙන බවද මේ අතර වාර්තා වේ.
පුත්තලම දිසා වන කාර්යාලයේ සහකාර දිසා වන නිලධාරී ඩී.කේ.බී වත්තේගම පවසන්නේ, මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බැවින් මේවා කිසිසේත්ම ලබා දීමට සූදානම් නැති බවය.
- lankatruth
