gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ McDonald’s තහනම්!

අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ රුසි පෙස්ටන්ජිට හෝ ඔහුගේ සේවකයන්ට මැක්ඩොනල්ඩ්ස් නම හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම ආකාරයක  වෙනත් නමක් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය  වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොටහේන,  නුගේගොඩ, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, කොල්ලුපිටිය, රාජගිරිය, වැලිසර, ගල්කිස්ස, කළම්බො සිටි සෙන්ටර්, මැක්ලිඕඩ් පාර ආපන ශාලාවල, සහ ශ්‍රැංගිලා අවන්හලෙහි  මැක්ඩොනල්ඩ්ස් ආහාර සහ ආහාර වට්ටෝරුවල ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම රුසි පෙස්ටන්ජිගේ  සමාගමට තහනම් කරමින් වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබිනි. .

මෙම වාරණ නියෝග අප්‍රේල් 4 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ අධිකරණ බලය ඉල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ නිසි ලෙස සංස්ථාපිත ආයතනයක් වන මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් විසින් ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් ලෙස වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය කළේය.

පැමිණිලිකරු “McDonald’s”, “McDonald’s Hamburgers”, “McDonald’s Family Restaurants” යන නම්වල හිමිකරු වේ. මැක්ඩොනල්ඩ්ස් යන නාමය සම්බන්ධයෙන් ලොව පුරා කැපී පෙනෙන කීර්තියක් වර්ධනය කර ඇති බව පැමිණිලිකරු පවසයි. පැමිණිලිකරු මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල තනි හිමිකරු වන අතර එය මැක්ඩොනල්ඩ්ස් ජාලය ලෙස හැඳින්වේ.

මැක්ඩොනල්ඩ්ස් යන නම හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම නමක්   භාවිතා කිරීමත්,  මැක්ඩොනල්ඩ්ස් හා සම්බන්ධ ආකාරයෙන් මහජනතාවට ප්‍රකාශ වෙන ඕනෑම නමක් භාවිතා කිරීමටත්  විත්තිකරුට ඇති අයිතිය අහෝසි කර ඇති බව පැමිණිලිකරු පවසයි.


පැමිණිලිකරු සහ විත්තිකරුවන රුසි පෙස්ටන්ජි 1997 අගෝස්තු 21 වැනි දින මැක්ඩොනල්ඩ් අවන්හල්  ලංකාව තුල පිහිටවීම සඳහා නියමයන් සහ කොන්දේසි ඇතුළත් සංවර්ධන ගිවිසුමකට එළැඹි තිබිණි.

එහෙත් පැමිණිලිකරු කියන්නේ විත්තිකාර රුසි පෙස්ටන්ජිගේ  ක්‍රියාකලාපය හේතුවෙන් සංවර්ධන ගිවිසුමේ පදනම නැතිවී ගොස් ඇති බවය.     පැමිණිලිකරු වැඩිදුරටත් පවසන්නේ විත්තිකරු ස්වකීය සන්නාමය භාවිතා කරන ව්‍යාපාරිකයෙක් වීමට සහ මැක්ඩොනල්ඩ්ස් නමින් අවන්හලක් පවත්වාගෙන යාමට පැමිණිලිකරු කැමති නැති බවය.

සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka