gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොස්කව් නුවරට ප්‍රබල ISIS ප්‍රහාරයක්! 60ක් මරුට! 2004න් පසු එල්ල වූ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය! ප්‍රහාරය ගැන අමෙරිකාවයි බ්‍රිතාන්‍යයි කල්තියාම කියලා! VIDEO

රුසියාවේ මොස්කව් හි පිහිටි ප්‍රසංග ශාලාවකට ඊයේ (22) රාත්‍රියේ තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු පමණ මිය ගොස් තවත් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන  පික්නික් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් එම අවස්ථාවේ පැවැත්වීමට නියමිත ව තිබූ අතර ඒ සඳහා 6,000 කට අධික රුසියානුවන් ක්‍රොකස් සිටි හෝල් සංකීර්ණයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර තුවක්කුකරුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඉන් ශාලාව ගිනි ගැනීමට ද ලක් ව ඇති නමුත් පික්නික් සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබෙනවා. ISIS සංවිධානයට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන Amaq විසින් ප්‍රහාරයෙන් පසු ටෙලිග්‍රාම් හි ප්‍රකාශයට පත් කරන ලද කෙටි ප්‍රකාශයක ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගත් බව සඳහන් වනවා නමුත් ඔවුන් තම ප්‍රකාශය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා දී නැහැ.

සිදුවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් මෙම සති අන්තයේ මොස්කව්හි සියලුම ක්‍රීඩා, සංස්කෘතික සහ අනෙකුත් පොදු උත්සව අවලංගු කරන බව දන්වා තිබෙනවා. ක්‍රෙම්ලිනය පවසන ආකාරයට අනුව ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද දැනුවත් කර තිබෙනවා. මෙලෙස ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මෙම මස මුලදී රුසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ප්‍රසංග ද ඇතුළුව මොස්කව් හි විශාල රැස්වීම් ඉලක්ක කරමින් අන්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට වාර්තා ලැබුනු බව දැනුවත් කර තිබූ පසුබිමකයි.

විශාල රැස්වීම්වලින් වළකින ලෙස තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන්ට අනතුරු අඟවා තිබුනා. නමුත් රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක ඒජන්සියට පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශය කදී, පුටින් මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාර පිලිබඳව තානාපති කාර්යාලය කල අනතුරු ඇඟවීම් හෙළා දැක්කේ එය සමාජය බිය ගැන්වීමේ හා අස්ථාවර කිරීමේ අරමුණින් කල දෙයක් බව පවසමින්.
-අමායා උඩුවැරැල්ල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka