gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක ලොක්කෝ ගෙට දාගෙන හිටියත් ජාත්‍යන්තරයෙන් ගැහුව ගේම ගෝඨා හෙළිකරලා!

ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැති මෙහෙයුම් මැදිරිය 2022 ජූනි 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ දන්වා සිටියි.

ඒ අනුව 2022 ජූනි 9 වැනිදා උදෑසන ආරක්ෂක ලේකම්, යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ පිහිටි මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්ත ද ඉන් පලක් නොවූ බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා සිටියි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රචනා කළ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමැති ග්‍රන්ථයෙන් එම කරුණු දක්වා තිබේ.

එම ග්‍රන්ථය ඊයේ (07) මෙරට ප්‍රධාන පෙළේ පොත් අලෙවිසල්වලට නිකුත් කර තිබුණි.

එම ග්‍රන්ථය සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම නිකුත් වී තිබේ.

තමාට ජනාධිපති ධුරය දරන සමයේදී මුහුණ දීමට සිදු වූ අභියෝග සහ ජාත්‍යන්තර අනුග්‍රහය සහිතව පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව ලද සෘජු අත්දැකීම්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ග්‍රන්ථයේ දක්වා තිබේ.

තමන් බලයට පත්වීමෙන් පසු මුහුණ දුන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ කොවිඩ් වසංගතයට මුහුණ දුන් ආකාරය පිළිබඳවද හිටපු ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ සිය කෘතියෙන් දීර්ඝ ලෙස පැහැදිලි කර තිබේ.

කාබනික ගොවිතැනට යොමුවීම සහ එහි විපර්යාස පිළිබඳව ද මෙම කෘතියේ අන්තර්ගතයි.

රටපුරා ක්‍රියාත්මක වූ ඉන්ධන පෝලිම් හා ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම මෙන්ම 2022 මැයි 9 වැනිදා ගාලු මුවදොර ගෝඨාගෝ ගමට පහරදීම පිළිබඳවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියෙන් පැහැදිලි කර තිබේ.

බල හුවමාරුවේදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ එම තනතුරට පත්කිරීම පිළිබඳව සහ 2022 ජුනි 8 සහ 9 යන දෙදින රටේ ආරක්ෂාව බිඳ වැටීම පිළිබඳවත් මෙම කෘතියේ අන්තර්ගත වෙයි.

මෙම කෘතිය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය අතහැර ගිය ආකාරය ද පැහැදිලි කර තිබේ.

2022 ජූනි 9 වැනිදා සියලු මාර්ග අවහිර කරමින් විරෝධතාකරුවන් කොළඹට පැමිණීම වැළැක්වීමට සියලු පියවර ගෙන තිබුණද, උද්ඝෝෂකයන් කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරයට පැමිණි බවත්, එදින 10.30 පමණ වන විට තමාට ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් සහ යුද හමුදා ප්‍රධානීන් කියා සිටි බවත් මේ සියල්ල සිදුවීමට ගතවූයේ පැයක් පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියෙන් දක්වා තිබේ.

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනය ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෑ සහිතව ගමන් මලු දෙකක් සූදානම් කර තිබූ බවත්, එම ගමන් මලු රැගෙන ජනාධිපති මන්දිරයෙන් පිටවී නාවික හමුදා කඳවුර වෙත යන විට එහි රූපවාහිනී මගින් ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් ඇතුළු වී ඇති ආකාරය තමා දුටු බවද ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමැති කෘතියෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් දක්වා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka