gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්ද කැම්පේන්වලට බස් කුලියට දෙනවා... හැබැයි ස්ටිකර්, පෝස්ටර් ගහන්න බෑ - ගැමුණු විජේරත්න

ඕනෑම දේශපාලන පක්ෂයකට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පෞද්ගලික බස් රථ ලබාදෙන නමුත්, බස් රථයේ ස්ටිකර් හෝ පෝස්ටර් ඇලවීමට ඉඩ නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

බස් රථ කුලී පදනම මත ලබාදෙන බවත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථය කුලියට ගන්නා අපේක්ෂකයා හෝ දේශපාලන පක්ෂය අදාළ බස් රථයේ හෝ බස් රථවල වගකීම දැරියයුතු බවත් ඔහු ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

බස් රථයේ බඳෙහි ස්ටිකර් සහ පෝස්ටර් ඇලවීමෙන් එහි තීන්ත සහ ලෝහයට හානි සිදුවන බවද ඔහු පෙන්වාදෙයි.

“පසුගිය මැතිවරණවලදීත් අපේ බස් රථ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කුලී පදනම මත ලබාදී තිබුණා. කොහොම උණත් අරගලය කාලය තුළ පෞද්ගලික බස් රථවලට සිදුවූ අලාභය තවමත් අයකරගෙන නැහැ. අරගලය දිනවල බස් රථ රැසකට හානි සිදුවුණා. සමහර බස් රථ ඒවායේ හිමිකරුවන් විසින් අලුත්වැඩියා කර තිබුණත් තවමත් බස් රථ ගණනාවක් ගරාජවල තියෙනවා” ඔහු පවසයි.

එබැවින් මේ පිළිබඳව සොයාබලා එම බස් රථ අලුත්වැඩියා කර නැවත ධාවනයට ගෙන ඒමට සුදුසු පියවර ගන්නා ලෙස ගැමුණු විජේරත්න මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka