රහස් පොලිසිය නිවසට පනී - දමිතා-සැමියා නිවසින් පලා යයි
රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇත.
බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් දෙදෙනා එහි නොසිටි බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
පුද්ගලයෙකු කොරියාවට යවන බව පවසමින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ.
අදාළ චෝදනාවන්ට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ලෙස දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් අධිකරණයෙන් කර ඇති අපේක්‍ෂිත ඇප ඉල්ලීමටද විරුද්ධ වන බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
එය අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඇයගේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත.
රහස් පොලිසිය නිවසට පනී - දමිතා-සැමියා නිවසින් පලා යයි
2024-03-28T09:54:00+05:30
Gossip Lanka Hot News






