gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති වෙන්නැයි ඉල්ලා සිටියොත් මා ඊට සූදානම්!

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ සඳහා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවල පෙබරවාරි 14 වනදා ඉදිරිපත් කෙරිණ. ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබේ.

එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බව රණවක මහතා අවධාරණය කරයි. රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවලක් වටා පමණක් ගොනුවිය යුතුය.

නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

එහිදී ජනාධිපතිධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවද හෝමාගම පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කරයි.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka