gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කට වහන නීති මැද, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන බිය වැද්දීමේ උත්සාහයක්..

ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ මහතා සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී. පී නිශ්ශංක මහතා පොලීසිය‍ යොදවා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත වැනි නව නීති සම්මත කරමින් නිදහස් අදහස් ඝාතනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා ගනිමින් තිබියදී මෙලෙස මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලබන්නේ, අනියමින් බිය වැද්දීම හරහා ඔවුන් නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් ලෙස බව පවසන මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙන්නේ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි.

කුරුණැගල බස් නැවතුම්පළෙහි සිදු වූ සිදුවීමක් වාර්තා කරන අතරතුර පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුණෑගල පොලීසියේ අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගත් බිමල් රුහුණගේ මහතා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලදුව මාර්තු 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පළ කිරීමක් කළ බවට චෝදනා එල්ල වූ රාවණා ලංකා වෙබ් අඩවිය හිමි ජී.පී නිශ්ශංක මහතා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 20 වෙනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

කිසියම් සිදුවීමක් හෝ පුවතක් වාර්තා කළ පමණින් මෙලෙස මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මාධ්‍ය සංවිධාන එකමුතුව දකින්නේ නිදහසේ වාර්තාකරණයේ යෙදෙන සෙසු මාධ්‍යවේදීන්ද බිය ගන්වා ස්වයං වාරණයකට ලක් කිරීමක් ලෙස යි.

මෙම සිදුවීම්වලට අදාල මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් ඒවා මාධ්‍ය සමාජය තුළ පුළුල් සාකච්ඡාවක් හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ ඇසුරෙන් විසඳා ගැනීමේ හැකියාව තිබියදී  වාර්තාකරණයේ ස්වභාවය හා මාධ්‍ය නිදහසේ සීමාවන් පිළිබඳ ප්‍රශ්න කරමින් සිදු වන අත්අඩංගුවට ගැනීම් ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම සඳහා දියත් වන වැඩපිළිවෙළෙහි ම කොටසක් ලෙස දකින මාධ්‍ය සංවිධාන එකතුව ඉදිරියේදී මර්දනය වඩාත් දැඩි විය හැකි බවට බිය පළ කරයි.

“යුක්තිය මෙහෙයුම”, “පොලිස්පතිවරයාගේ පත්වීම” වැනි සිදුවීම් හරහා මානව හිමිකම් කොමිසමේත්, නීතිය හමුවේත් ප්‍රශ්න කිරීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොලීසිය යොදවා මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ නව නීති ක්‍රියාත්මක වීමට පෙර සහ පවතින නීතිය භාවිතා කරමින් වන පසුබිමක කට වහන නව නීති ක්‍රියාත්මක වීමට පටන් ගත් පසු වඩා දරුණු තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

එබැවින් මෙම සිදුවීම්වලට එරෙහිව සෑම ආකාරයකම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරන බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන එකමුතුව සිය වෘත්තීය කටයුතුවල නිරත සියලු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කැපවන බවද නිවේදනය කරයි.

මාධ්‍ය සංවිධාන එකමුතුව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka