gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 48ක් දෙනවා! වහාම ඇවිත් CIDයට ප්‍රකාශයක් දෙන්න! පොලිස්පති මෛත්‍රීපාලට දැනුම් දෙයි!

පාස්කු ප්‍රහාරයේ  මහ මොළකරු තමන් දන්නා බවට කළ හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් පැය 48ක් ඇතුලත හිටපු ජනාධිපතිවරයා අදාල ප්‍රකාශය ලබා දෙනු ඇති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කීවේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මත පදනම්ව ඉදිරි විමර්ශන ආරම්භ කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්   ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන ලෙස තමාට නියෝග ලබා දුන් බව පොලිස්පතිවරයා පැවසුවේය.

අදාළ ප්‍රකාශය පදනම් කර ගනිමින් හිටපු ජනපතිවයා ගේ ආරක්ෂාවට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර එතුමා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට  හැකි බව පොලිස්පතිවරයා කීවේය.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගත නොහැකි බවත්, එසේ කියන්නේ නීතිය ගැන කිසිම අවබෝධයක් නැති අය බවත් කී පොලිස්පතිවරයා විමර්ශන කටයුතු අවසානයේ දී අවශ්‍ය වුවහොත් අත් අඩංගුවට ගැනීම සිදුකරන බව ද පෙන්වා දුන්නේය.

lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka