gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප සන්ධානය ‘පොදුජන එක්සත් පෙරමුණ’ නමින් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සුදුසු නැකැතක් සකස්කර ළඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළකර ඇති බවත්, ඒ අනුව ‘පුටුව’ ලකුණින් ‘පොදුජන එක්සත් පෙරමුණ’ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අදාළව එම පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර ඇති අතර එයද කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මහා සම්මේලය මගින්ද අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් ‘පුටුව’ ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළකර තිබෙන බවත්, එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka