සජබ බෙදෙයි – රනිල්ගේ කතාව ආරම්භයේදී සජිත් ඇතුළු පිරිසක් පිටව යද්දී ෆොන්සේකා ඇතුළු පිරිසක් සභාවේ රැඳෙති!
පක්ෂය තුළ බෙදීමක් ඇති බව හඟවමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කතාව ආරම්භ කරන විට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් පිටව ගිය අතර පිරිසක් එහි රැඳී සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භයෙන් පිටව ගිය අතර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, ඉෂාක් රහමන් ඇතුළු මන්ත්‍රීවරු ජනාධිපතිවරයා කතාව ආරම්භ කරන අවස්ථාවේ සභාවේ රැඳීසිටියහ.
සජබ බෙදෙයි – රනිල්ගේ කතාව ආරම්භයේදී සජිත් ඇතුළු පිරිසක් පිටව යද්දී ෆොන්සේකා ඇතුළු පිරිසක් සභාවේ රැඳෙති!
2024-02-07T14:28:00+05:30
Gossip Lanka Hot News






