gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොවැම්බර් 17 ට පෙර නව ජනාධිපතිවරයෙක් දිවුරුම් නොදුන්නොත් නොවැම්බර් 18 න් පසු රජය නීත්‍යානුකූලව අවලංගුයි!

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  පැවසීය.

මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදායින්  පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඔහු පැවසුවේ  විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගැනීමට නොහැකි යැයි විශ්වාස කරන බවය.

විධායක ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම  ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව ඇසිය යුතු බව කී මහාචාර්යවරයා පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට ජනතාව බලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියෙක්ට අයිතිය හිමිවන බවත් මහාචාර්යවරයා කීය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සරළ ක්‍රියාදාමයක් නොවන්නාක් මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බැවින්  රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බව   ඔහු පැවසීය. ( ලංකාදීප )


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka