gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපාට එරෙහි විශ්වාසභංගයට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ සහය

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව  සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම  සහාය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් මහතා පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ  යෝජනාවට සහාය පළකරන බවයි

මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතතාව  පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කර ඇති හෙයින්  ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්  කරන බව සමග ජන බලවේගය පක්ෂය පවසයි.

මෙම විශ්වාසභංග  යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මේ සතියේදී බාරදීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka