gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය නමින් නම් කළ මහනුවර පාසලේ නම වෙනස් කරන්නලු!

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නමින් මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ පාසලක් නම් කර ඇති බවත් එය නීති විරෝධී හෙයින් එම නම වහාම ඉවත් කළ යුතු බවත් ලංකා ගුරු සංගමය කියයි.

1996 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසලක් නම් කළ නොහැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමාජයට වැරදි ආදර්ශයක් දෙමින් කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක් කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය නමින් නම් කර ඇති බවද ඔහු කීය.

තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසල නම් කිරීමට එරෙහිව වහා පියවර ගත යුතු බවද ජෝෂප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka