gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගත යුතුයි – පාර්ලිමේන්තුව නිර්දේශ කරයි

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවති කමිටු රැස්වීමකදී තර්ජනාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති විකුම් ලියනගේ සමාව ගතයුතු බවට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා තමන්ට තර්ජනය කළ බව පවසමින් වීරක්කොඩි මන්ත්‍රීවරයා පසුගිය 2023 ඔක්තෝබර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී මතු කළ වරප්‍රසාද ගැටලුවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම වරප්‍රසාද කමිටුව මෙම නිර්දේශය නිකුත් කර ඇත.

ආරක්‍ෂක අයවැය අඩු කිරීම සඳහා සෙබළු සංඛ්‍යාව අඩු කරනවාට වඩා උසස් හමුදා නිලධාරීන්ගේ වියදම් අඩු කිරීම යහපත් බව තමන් විශේෂ කමිටු රැස්වීමේදී සඳහන් කළ බවත්, එම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා තමන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පවසා තිබේ.

මන්ත්‍රීවරයකුට මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි බවත් ඔවුන්ව වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුධ හමුදාපති විකුම් ලියනගේ යන නිලධාරීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

කමිටු සභාපතිවරයා විසින් රැස්වීම අපක්ෂපාතීව පවත්වා රැස්වීම්වලදී මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට පියවර ගත යුතු අතර, කාරක සභා රැස්වීම්වලට පැමිණෙන නිලධාරීන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනත පිළිබඳව දැනුවත් විය යුතු බවටද වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත.

වරප්‍රසාද කමිටුවේ නිර්දේශ අනුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සමාව අයැද තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka