ඊයේ (ජන. 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිල රු. 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 371ක් දක්වා ඉහළ යනු ඇත.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 456ක් දක්වා පහළ යනු ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 363ක් දක්වා ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, සුපර් ඩීසල් ලීටරයක මිල රු. 7කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රු. 468ක් දක්වා පහළ යනු ඇත.
භූමිතෙල් ලීටරයක මිල රු. 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 262ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර, ලංකා අයිඕසී සමාගම ද එම මිල ගණන් අනුව සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
මේ අතර, පෙබ. 1 සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 368ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 456ක් ලෙස දැක්වේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 360ක් වන අතර, සුපිරි ඩීසල් ලිටරයක් රු 468ක් ලෙස සංශෝධනය කර තිබේ.