gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනියේ වෙබ් නාළිකාව සම්බන්ධයෙන් ගැටුමක්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 42 වන සංවත්සරය යෙදී තිබුණු ඊයේ (14 වැනිදා) එහි නව වෙබ් නාළිකාව සම්බන්ධයෙන් පාලනාධිකාරිය සහ සේවකයින් අතර ඇති වූ මත ගැටුමෙන් පසු එම වෙබ් නාළිකාව නවතා දමා තිබේ.

රූපවාහිනි සංස්ථාවට මෙම මොහොතේ නව වෙබ් නාළිකාවක් අනවශ්‍ය බවත්, සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුළ නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම මුදල් කාබාසිනියා කිරීමක් බවත් සේවකයන් පෙන්වා දී ඇත.

රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ විසින් සේවකයන් ඊයේ (14 වැනිදා) අමතන අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි කියති. එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. එහිදී සේවකයින් පවසා ඇත්තේ මේ වන විටත් රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන තුන්දහසකට වඩා වැඩි මුදලක් ණය වී ඇති බවයි. සංස්ථාවට විදුලි බිලද ගෙවාගත නොහැකි තත්ත්වයක් තුළ ‘රෑ රේඩියෝ’ නම් නව නාළිකාව ආරම්භ කිරීම සඳහා ලක්ෂ තුනක පමණ මුදලක් පාලනාධිකාරිය විසින් ඒ වන විටත් වියදම් කිරීම ගැන සේවකයන් විරෝධය පළකොට ඇත.
රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍යවලටද හිඟ මුදල් නොගෙවමින් සිටින මොහොතක සභාපතිවරයාද පොරොන්දු වී සිට ඇත්තේ වෙබ් නාළිකාව පටන් නොගන්නා බවටය.

කෙසේ නමුත් ඊයේ දින එම වෙබ් නාළිකාව පටන් ගැනීමට සූදානම්ව සිටියදී සේවක විරෝධය මැද එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් සඳහන්ය
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka