gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවේ ජනමත විමසුමකට ඇමරිකානු කොංග්‍රසයට යෝජනා..

දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ කල්පවත්නා සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා ජනමත විචාරණයක් ලබා දිය යුතු බවට එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඉදිරිපත් කරන ලද ද්විපාර්ශවික යෝජනාවක් සලකා බැලෙමින් පවතින්නේ යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින පොන්නම්බලම් මන්ත්‍රිවරයා විලී නිකල්, ඩෙබොරා රොස්, ජේමි රස්කින් සහ ඩැනී කේ ඩේවිස් ඉල්හාන් ඕමාර්, සමර් ලී සහ ඩොන් ඩේවිස් යන කොංග්‍රස් සභිකයන් හමු වී තිබේ.

තමන්ට හමු වූ කොංග්‍රස් සභිකයන් දෙමළ ජන ජීවිතය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන අතර යුද්ධය අවසන්ව බොහෝ කලක් ගතවුවද දෙමළ ජනයාගේ දුක්ඛිත තත්ත්වය අද වන තෙක් අවසන් වී නොමැති යැයි තමන් ඔවුනට අවධාරණය කළ බවද පොන්නම්බලම් මහතා ටැමිල් ගාඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

වගවීම සහ හොඳ හිත පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඔවුන්ගේ යෝජනාව මගින් අවධාරණය කර ඇතැයිද වත්මන් ආණ්ඩුව වේගවත් ලෙස දෙමළ ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් මකා දැමීමේ මෙහෙයුමක යෙදී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

– Deshaya
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka