gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති විදෙස් සංචාරවල යෙදෙන්නෙ රට හුදකලා වීම වළක්වන්න… ජනපති රට යන හේතුව විදේශ කටයුතු රාජ්‍ය ඇමති රටට තේරුම් කර දෙයි !

ජනාධිපතිවරයාගේ විදේශ සංචාර රටට අතිශයින්ම වැදගත් බවත් ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බැවින්  රට සංවර්ධනය කරා ගෙන යෑමේ අභිලාෂය සහිතව    තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම  මෙම නිල විදේශ  සංචාරවල අරමුණ බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සඳහන් කළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කළා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා.

ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කළා. 2050 වසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා.

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි.

වැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා.

දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.

එමෙන්ම නොබැඳි  ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka