මේ වනවිට ඇමරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂ හදිසියේ පැමිණීම දැනට ඉතිරි වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද තහවුරු කර තිබේ.
නාමල් රාජපක්ෂ මුලුමනින්ම පොහොට්ටුවේ බලය අතට අරගෙන ක්‍රියා කරමින් සිටින අතර අලුතින් ඇති වී තිබෙන තත්වය සමහන් කර ගැනීම සඳහා ඔහු පැමිණීමට නියමිත බව අනාවරණය වේ. විශේෂයෙන් ම එස් එම් චන්ද්‍රෙස්න ඇතුළු බැසිල්ගේ සමීපතමයින් ඔහු නැවත ගෙන්වා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරන බව වාර්තා වේ.
මේ අතර බැසිල් රාජපක්ෂ නිසා රාජපක්ෂ පවුලේ ම දේශපාලන අනාගතය විනාශ වූ බව සඳහන් කරන පිරිසක් ඔහුගේ පැමිණීමට විරුද්ධව කඳවුරු බැඳමට පටන් ගෙන ඇති බව 21 වෙනිදා සවස් වනවිට මාධ්‍යවලට හෙළිවී තිබිණි.
උපුටා ගැනීම : lankatruth
