gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී අසුන කාට ද? - මෙන්න විස්තරේ

හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිතයි. ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්ෂයන්ගේ වැඩිම මනාප සංඛ්‍යාව ඔහුට හිමි වීම හේතුවෙන්.

එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.

එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527ක්. 


එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුන් 5ක් හිමි වූ අතර ඒවා දිනාගත් අපේක්ෂයන් වූයේ, පිළිවෙලින් සනත් නිශාන්ත, ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු.

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී ඇති බවයි.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසුවේ.



Jagath Priyankara to fill vacancy created by Sanath Nishantha’s death

Colombo, Jan 25 (Daily Mirror) - Jagath Priyankara from the Jathika Nidahas Peramuna is to fill the vacancy created by the sudden death of State Minister Sanath Nishantha who met with a sudden death this morning.

Accordingly, the government will lose a seat as Priyankara is the district leader of the Jathika Nidahas Peramuna led by Wimal Weerawansa who sits in Opposition along with other MPs representing his party.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka