අතිශය භයානක තත්ත්වයක්! මාතර අවුරුදු 16ක සිසුවෙක් ‘අයිස්’ ගහද්දී අත්අඩංගුවට අරගෙන! දවසට පනස්දාහක අයිස් ගහනවලු! පුරුදු වෙලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් අදුනගත්තු කොච්චිකඩේ පැත්තෙ යාළුවෙක්ගෙන්ලු!
මාතර ප්‍රධාන පෙළේ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් අයිස් පානය කරමින් සිටියදී පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මිලි ග්‍රෑම් 60ක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සිසුවා කොළඹ කොච්චිකඩේ සප්රාන් නමැති මුහුණු පොතෙන් මුණ ගැසුණු මිතුරෙකු සමඟ මීට මාස හයකට පෙර පළමු වරට මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.
අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දිනකට රුපියල් පනස්දහසක් පමණ ඔහුට අවශ්‍ය වන බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට ඡායාරූප ශිල්පියෙකු වූ පියාගේ කැමරාවත් රැගෙන නගරයේ සහ වෙරළ තීරයේ සැරිසරන පෙම්වතුන් සහ පුද්ගලයන්ගේ ඡායාරූප ගතකර ඔවුන්ට අලෙවි කිරීම සිදු කරන බවත් අදාළ සිසුවා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
hirunews
අතිශය භයානක තත්ත්වයක්! මාතර අවුරුදු 16ක සිසුවෙක් ‘අයිස්’ ගහද්දී අත්අඩංගුවට අරගෙන! දවසට පනස්දාහක අයිස් ගහනවලු! පුරුදු වෙලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් අදුනගත්තු කොච්චිකඩේ පැත්තෙ යාළුවෙක්ගෙන්ලු!
2024-01-06T13:31:00+05:30
Gossip Lanka Hot News