gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති දින 12ක දීර්ඝ සංචාර දෙකකට රටින් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින 12ක විදෙස් සංචාර 02ක් සඳහා අද පෙරවරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලින් පිටත්ව ගියේය.

ඉන් පළමු සංචාරය ලෙස ජනාධිපතිවරයා, 2024 ජනවාරි 15 ​​වැනි දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර Klosters හි ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වේ.

ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන තීරණ ගන්නන් එකතු වන ගෝලීය වේදිකාවකි.

රාජ්‍ය, අන්තර්ජාතික සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය, අධ්‍යයන ආයතන සහ මාධ්‍ය 1000කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් මෙම සංසදයට සහභාගී වනු ඇත.

මෙම සංචාරයේදී ජනාධිපති වික්‍රමසිංහ ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන Green Tech Forum හි “බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම” යන මැයෙන් ප්‍රධාන දේශනය සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමඟ සංවිධානය කරනු ලබන ව්‍යාපාරික වටමේස සමුළුවට ද ජනාධිපතිවරයා එක්වනු ඇත.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද සහභාගි වෙති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධීකරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka