gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රංගේ නිසා රවී කනස්සල්ලෙන්!

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස පාලිත රංගේබණ්ඩාර මහතා යළිත්වරක් පත්කිරීම නිසා එය බලාපොරොත්තුවෙන් සිටි රවී කරුණානායක මහතා එජාප නායකත්වය ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බව එජාප ආරංචි මාර්ග පවසනවා.

මේ පිළිබඳව කරුණානායක මහතා ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකුටම දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී 2024 වසර සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාවම පත්කර තිබුණා.

ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පසුගියදා පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka