පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පලකරන අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට හැකිදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් කථානායකවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් වෙයි.
පසුගිය කාලයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළවූ බවත් ඒවා පළ කළ අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙම තීරණයට ඔවුන් එළඹ තිබේ.
පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම වසර මැතිවරණ වසරක් නිසා පක්ෂයට එල්ල වන අසත්‍යය චෝදනා නිසා මැතිවරණ ව්‍යාපාරයටද බලපෑමක් විය හැකි යැයි පෙන්වා දී ඇති මෙම මන්ත්‍රී පිරිස මේ පිළිබඳව වහා ක්‍රියාමාර්ගයක් ගතයුතු බවද සඳහන් කර තිබේ.
අසත්‍ය පුවත් බෙදා හරින්නන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ගෙන්විය හැකි දැයි කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමට ඒ අනුව මොවුන් තීරණය කර තිබේ.
