ෆේස්බුක් එකට දාන දේවල් ගැන තමන් වගකියනව නම් කවුරුවත් අලුත් නීති ගෙනාවට බයවෙන්න ඕනෙ නෑ – නාමල් (VIDEO)
තමන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් වගකියන්නේ නම්, කිසිදු පුද්ගලයෙක් නව වාරණ නීති සම්බන්ධයෙන් බියවිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බවද හෙතෙම සඳහන් කළේය.
“පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති ක්‍රියත්මක කිරීම අත්‍යාවශ්‍යයි,” යැයි ඔහු පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ෆේස්බුක් එකට දාන දේවල් ගැන තමන් වගකියනව නම් කවුරුවත් අලුත් නීති ගෙනාවට බයවෙන්න ඕනෙ නෑ – නාමල් (VIDEO)
2024-01-24T07:41:00+05:30
Gossip Lanka Hot News






