පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුට අධික පිරිසක් සමඟ කොළඹ වරාය පරිශ්‍රයේ නෞකා දෙකකික් නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ බව ශ්‍රී ලංකාව වරාය අධිකාරිය සඳහන් කරයි.
මන්ත්‍රීවරුන් පිරිසකට මුහුද මැද සාදයක් ලෙස පළ වූ වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් එම අධිකාරිය ඒ බව කියා සිටී.
කොළඹ වරායේ සිදුවන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට මෙම නිරීක්ෂණ චාරිකාව සූදානම් කළ බවද අධිකාරිය සඳහන් කරයි.
වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එය සංවිධානය කළ බවද අධිකාරිය පෙන්වා දෙයි.
චාරිකාවට එක් වූ මන්ත්‍රීවරුන් සඳහා ආහාර හෝ වෙනත් කිසිදු වියදමක් වරාය අධිකාරිය විසින් දරා නැති බවද අධිකාරිය තවදුරටත් සඳහන් කරයි.
