gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF වැඩ බලාගන්න සාගලට පවරයි; මීළඟ සමාලෝචනය මාර්තුවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේදැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පවරා තිබේ. මෙරට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම තීරණයට එළඹ ඇත.

මෙරට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට එහිදී දැනුම් දී තිබේ.

නාස්තිය, වංචාව,දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ (Government diagnosis) ප්‍රධාන කාර්යභාරය වේ.

මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි වාරිකය නිදහස් කිරීමට නියමිතය.

එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවරීමට ද මූල්‍ය අරමුදලේ දූත පිරිස තීන්දු කර තිබේ.

ඒ අනුව සාගල රත්නායක දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය ආරමුදල ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙස ද කටයුතු කරනු ඇත. 

ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම යාපනය ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති අතර සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපති ඇතුළු ලංකා ආණ්ඩුවට ස්තුතිය පළ කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka