gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිරිද, ලේලිය සහ මුණුපුරු සමගින් ගෝඨා යළි කලඑළි බසී!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය බිරිද, ලේලිය සහ කුඩා මුණුපුරු සමග ආශිර්වාද ලබා ගැනීම සදහා ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබුණි.
මේ ආර්ථික අර්බුදයට එකම හේතුව නොවූවත්, ඊට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූවේ, හිටපු ජනාධිපතිවරයා විසින් වැට් බදු අනුපාත අඩු කිරීමට ගත් තීන්දුව බව පැවසේ.

එමෙන්ම ව්‍යාපාරිකයන්ට දුන් බිලියන 600ක බදු සහනයද ඊට ප්‍රධාන හේතුවක් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා, යහපාලන රජය 15% දක්වා ඉහළ ගෙනැවිත් තිබුණු වැට් බද්ද, 2019 දෙසැම්බර් පළමු වැනි දා සිට බලපැවැත්වෙන පරිදි 8% දක්වා පහත හෙළුවේ ය.

රනිල් වික්‍රමසිංහ රජය, අද සිට බලපැවැත්වෙන පරිදි, නැවත වැට් බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමුවේ ය.

ජනතාව විසින් පළවා හරිනු ලැබීමෙන් පසුව, නිල වශයෙන් 2022 ජූලි මාසයේ 14 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයා, අද මේ ඓතිහාසික දවසේ නැවත මහජන අවකාශයට පැමිණ සිටියි..!


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka