gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුදුදහමට නිගරු කළ ‘මිසදුටුවාට’ රට යෑම තහනම් - බැංකු ගිණුම් වාර්තාත් ඉල්ලයි

බුද දහම විකෘති කරමින් විවිධ දේශන පවත්වා බෞද්ධ ධර්මයට අපහාස වන ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති අවලෝකිතේශ්වර නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාට විදේශගත වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඔහුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සවිස්තර වාර්තා ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකට වැඩිදුරටත් නියෝග කළේය.

එම පුද්ගලයාගේ ක්‍රියා කලාප අනුව බෞද්ධ ධර්මයට දැඩි හානියක් සිදු වන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකණයට වැඩිදුරටත් පැවසීය. එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබන 17 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටින එම පුද්ගලයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එකී පැමිණිලිකරුවන් අතරින් දිවියගහවෙල රත්නානන්ද හිමි, අඟුරගල්ලේ සිරි ජිනානන්ද හිමි හා මධුභාෂණ ප්‍රභාත් රණහංස යන පිරිස කැඳවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කොට ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

180 දේශනා නමැති යුටියුබ් නාලිකාව ඔස්සේ ඔහු මහායාන සූත්‍රයේ එන බයිෂජ්යරාජයන් නමැති මාතෘකාව ඔස්සේ 2020.01.21 වැනිදා පුරා පැයකුත් විනාඩි 40 ක වීඩියොා්වක් නිකුත් කර ඇති බවත් පසුව 2023.12.08 හා 2024.01.05 වැනි දින වීඩියෝ මගින් කර ඇති ප්‍රචාර මගින් බෞද්ධ ධර්මයට පමණක් නොව ලක්ෂ සංඛ්‍යාවක් අනුගමනය කරනා බුදුරජාණන් වහන්සේට හා යසෝදරා දේවියටත් දැඩි අපහාසයක් සිදු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

“නඩුහබ එහෙම තියෙනවා නම් ඒවා අරගෙන එන්න කියනවා මම විසඳලා දෙන්නම් කියනවා. නීතිපතිවරයා පවා පරිස්සම් විය යුතුයි. හේතුව තුන්වැනි විනිසුරු පහළ වෙලා අවසන් වෙනවා. තුන්වෙනි විනිසුරු තුන්වෙනි නියාම ධර්මය ගෙනියන්න සර්වඥවරු පමණක් වෙනවා” යනුවෙන් එම පුද්ගලයා ප්‍රචාරය කර ඇති බව ද එහිදී අධිකරණයට පැවසූ දිලීප පීරිස් මහතා රටේ නීතිපතිවරයාගේ ක්‍රියාවලට පවා හෙතෙම අභියෝග කර ඇතැයි ද පැවසීය.

එම පුද්ගලයා මෙයට දින කිහිපයට පෙර දිවයිනේ සුප්‍රකට විහාරස්ථානයකට පැමිණ දේශනයක් ද පවත්වා තිබූ අතර ගිහි බැතිමතුන් පමණක් නොව චීවරයක් ඇඳ සිටි මෙහෙණින් වහන්සේ නමක් ද ඔහුට වැඳ නමස්කාර කර තිබූ බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

මින් පෙර බොදු දහමට අපහාස කිරීමේ චෝදනාව එල්ල වූ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙන්ම මෙම පුද්ගලයා ද සිදුකරනුයේ ඔවුන් වටා සිටින රංගන ශිල්පීන් උපයෝගි කර ගනිමින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් වන්නේ යැයි ද අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා බොදු දහම පිළිබඳ නිසි අවබෝධයක් නැතත් ධර්ම දේශනා යැයි මවා පාමින් එකී ව්‍යාපාරයේ ඔවුන් නිරත වන්නේ යැයි ද පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka