gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයගේ නිල කාමරයේ තිබී හමුවු මුදල් ගැන අල්ලස් කොමිසම ගත් තීරණය!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබි හමුවු මුදල් වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. එම කොමිසම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ තවදුරටත් දැනුම් දුන්නේ , ඊට අදාළ විමර්ෂණ අවසන් කළ බවයි.

2022 වසරේ ජුලි 9 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වු අවස්ථාවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබි රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්ෂ පනස්දහසක මුදලක් හමුවී තිබුණි.

ඒ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ෂණයට අවශ්‍ය මූලිකාංග පැමිණිල්ලේ අන්තර්ගතව නැති බවයි.

පැමිණිල්ලට අදාළව වත්කම් විමර්ෂණ සිදුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද එම කොමිසම සදහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළව සිදුකෙරුණු විමර්ෂණ ද අවසන් කළ බව ද අධිකරණට දැනුම් දී ඇත.

ඒ සිද්ධිය පිළිබද විමර්ෂණ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තර්ජනය කළ බවට වු චෝදනාව සම්බන්ධවයි.

තෙන්නකෝන් මහතා එවැනි තර්ජනයක් කර නැති බවට හෙළි වී ඇතැයි වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ අධිකාරිය අධිකරණයට දැනුම් දීඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සැකකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටි බවද සඳහන් වේ.

විමර්ෂණවල වැඩිදුර වාර්තා මාර්තු 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි බව සඳහන් වේ.

-රෂිකා හෙන්නායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka