gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්දට තීන්දුව දුන් සැණින් හිරුණිකා මාධ්‍ය හමුවක් කැඳවයි – භාරත ලක්ෂ්මන් ඝාතනය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් කරයි (video)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළා.

ඒ අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පියාගේ මරණය ගැනත් ලද තීන්දුව ගැනත් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

‘අපේ අම්මා කිවුවා, මත්ද්‍රව්‍ය ගැන කතා කරන්න එපා කියලා, තාත්තාට. නමුත් තාත්තා ඒ ගැන කතා කළා. මම හිතනවා, ඔහුගේ මරණයට හේතුව වුණෙත් ඒක… දුමින්දගේ ආගමනයත් එක්ක මේ ගැන වැඩිපුරම කතා කළේ….අපේ අම්මා කිවුවා, ‘මේ ගැන කතා කරන්න එපා, මේක ජාත්‍යන්තර ජාලයක්, මේ වගේ අයට අනිත් අයව නැති කරන එක සාමාන්‍ය දෙයක්’… කියලා….දුමින්ද සිල්වා මේක පටන් ගන්නකොට, තාත්තා මහින්ද රාජපක්ෂටත් මේ ගැන කිවුවා. මහින්ද රාජපක්ෂ ගණන ගත්තෙත් නෑ. අදටත් මම ඇඟිල්ල දික් කරන්නෙ ඔහුට… උණ්ඩවලින් විසඳන්න ඔිනි ප්‍රශ්නයක් නෙවෙයි මේක.. ඔහුට තිබ්බා මේක විසඳන්න. විසඳුවා නම් ඒ දෙන්නම ජීවතුන් අතර ඉන්න තිබුණා…ඔහු කළේ දෙන්නවම කොටවපු එක… එයා හැමදාම කළේ ඒක.. ඔහොම ටික කාලයක් ගිහින්, ඔහුව ඝාතනය කරන්න කලින් ඔහු වේදිකාවක් උඩ කියනවා කතාවක්… ඒ කතාව තාමත් යුටියුබ් එකේ තියනවා… ‘ගෝඨාභය රාජපක්ෂ කියලා කියන ආරක්ෂක ලේකම්ව අරගෙන මේ දුමින්ද සිල්වා කියන සංවිධායක ගෙවල් වලට ගිහිල්ලා රැස්වීම් පවත්වනවා’… කියන කතාව…. මම හිතනවා, ඒ කියපු වචන ටික නිසා තමයි ඔහුව ඝාතනය කළේ…’

‘දැන් නඩු වාර්තාව එළියට ඇවිත් තියනවා. එදා සිද්ධිය සම්පූර්ණ සැළසුම් සහගත එකක්. මම කියපු නැති දේවල් සේරම අද කියනවා… මම එදා මගේ යම් කිසි මොකක් හරි ක්ලාස් එකකට යන්න ඉන්නකොට, උඩ බාත්රූම් එකක් තියනවා, පහළ එකක් තියනවා. මම යද්දි තාත්තා බාත්රූම් එකේ හිටියේ. මම කිවුවා, තාත්ති පොඩ්ඩක් එළියට එනවද, මට පරක්කු වෙනවා කියලා. එතකොට ඔහු කිවුවා, විනාඩි දෙකයි පුතේ මම එළියට එනවා කියලා…මට ඒ විනාඩි දෙක ඉවසන්න බැරිවුණා… පස්සෙ මම පහළ බාත්රූම් එකට ගියා… මම සුදානම් වෙලා එද්දි තාත්තා ගෙදරින් ගිහින්.. මට අදටත් තියෙන කණගාටුව එදා මූණවත් බලන්න බැරිවුනු එක.. ඔහු ආයේ ආවේ නෑ. ඔහුගේ දේහය නිවසට ආවේ…’

‘තාත්තා ගියාට පස්සෙ මම කතාවක් කළා, ආවේගෙන් කළේ. මේ වගේ දෙයක් ආයේ වෙන්න දෙනවද කියලා. මහින්ද අපේ තාත්තට අවසන් ගෞරව දක්වන්න එද්දි මිනිස්සු හූ කිවුවා. අවසන් දවසේ අවසන් කතාව කළාම… එදා රෑ මහින්ද රාජපක්ෂ කෝල් කළා.. කතා කරලා මට බැන්නා. කිවුවා ‘ඔයාට පිස්සුද මිනිස්සුන්ව අවුස්සලා මගේ ආණ්ඩුව වට්ටන්නද? ආ ලැජ්ජ නැද්ද තාත්තාගේ මේ අවසන් කටයුතු දවසේ ඔය විදිහේ කතා පවත්වන්න… කියලා.’ මට තරහා ගියා. මම කිවුවා, ‘සර් ඔය කතා කරන්නෙ තාත්තෙක් නැතිවෙච්ච දුවෙක්ට.. ඔයාට ඒ වේදනාව නොදැණුනාට මට ඒ වේදනාව තියනවා’ කියලා. එතනින් එහා කිසිම දවසක එයා මට බලපෑමක් කරන්න ආවේ නෑ. හැබැයි වෙනත් පැතිවලින් මට තර්ජන ආවා…’

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka