gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්න… කරාපිටියේ වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම එළියට බසිති!

සුලු සේවිකාවකට පහරදුන් බව කියන   ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හැර සමස්ථ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් රාජකාරිවලින් බැහැර වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව ඊයේ   (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරත වූ සේවක පිරිස ඊයේ එම  විරෝධතාවය නිමා කළහ.

අනතුරුව  අද (18) උදෑසන ඇරඹි   විරෝධතාවයට  වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය එක් වී    ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමිනි.

වෛද්‍ය කාර්ය මණ්ලයට විශේෂිත  DAT දීමනාව ඉල්ලා සුළු සේවකයින් ද වර්ජනය කිරීම සම්බන්ධව සුළු සේවකයින් සහ වෛද්‍යවරයා අතර ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධව ඊයේ උදේ වාර්තා වී තිබිණි.

පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින්  මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද  දැනුවත් කොට  ඇති අතර සිද්ධිය සමථයකට පත්ව තිබිය දී පස්වරුවේ යළිත් විශේෂඥ වෛද්‍යවරයා සමග බහින්බස් වීමක් ඇති කරගත් සුළු සේවිකාවකට ඔහු පහර දී ඇත.

එම පහරදීමට එරෙහිව ඊයේ විරෝධතාවයක් ඇරඹූ කණිෂ්ට කාර්ය මණඩලයට  මේ වනවිට සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම සහයෝගය දක්වමින් ඇති අතර රෝහල් සේවා අඩාල වී තිබේ.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka