ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – රජයේ හෝ ආණ්ඩුවේ ඕනෑම දේපළකට හානිකිරීම ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස නම් කරයි
අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතළ අලාභ හානි සිදුකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ නිරුපණය කර තිබේ.
ඊට අමතරව රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් කොල්ලකෑමේ, ත්‍රාසද්ග්‍රහණය කිරිමේ හෝ සොරකම් කිරීමේ වරද සිදුකිරීම සහ මහජනතාවගේ හෝ ඉන් යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇති කිරීම යන ක්‍රියා ද ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වාදී තිබේ.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – රජයේ හෝ ආණ්ඩුවේ ඕනෑම දේපළකට හානිකිරීම ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස නම් කරයි
2024-01-10T15:21:00+05:30
Gossip Lanka Hot News






