gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසිය රු. මිලියන 152ක මානව හිමිකම් කඩලා

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් අගතියට පත්වූවන්ට රුපියල් මිලියන 152කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඉකුත් 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් නිලධාරින්ට නියෝග කර තිබේ.
1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් පිළිබඳව හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරින්ට සිය පෞද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා සඳහන් කරයි.

පුද්ගලයින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, රාජකාරිය පැහැර හැරීම, බධ හිංසාවට ලක් කිරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඉකුත් වසර තුළ පමණක් පොලිස් නිලධාරින් 20 දෙනකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කර තිබේ.

ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 32ක වන්දි මුදලක් රජයට ගෙවීමට සිදු වී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාවල සඳහන් වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka