ශවේන්ද්‍ර සක්‍රීය දේශපාලනයට..! සියලු අතහිත ඉන්දියාවෙන්...!
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙවර ඉන්දියාවේ මිලිටරි ඇකඩමියේ නව නිලධාරීන් විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. ශවේන්ද්‍ර සිල්වාට ඉන්දියාවේ දී ඉතා ම ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර නවදිල්ලියේ සිට දෙහෙරාදූන් වෙත ඔහු රැගෙන ගියේ ඉන්දියානු ගුවන් හමුදාවේ සුඛෝපභෝගී නවීනතම ජෙට් යානාවකිනි.
මෙවැනි ආරාධනාවක් ලද පළමු ශ්‍රී ලාංකිකයා ශවේන්ද්‍රය.
ඉන්දියාව මේ ආකාරයට තවමත් සක්‍රීය හමුදා සේවයේ සිටින ශවේන්ද්‍ර සිල්වා ඔසවා තැබීම බොහෝ පාර්ශ්වවල කුකුසට හේතු වී ඇති අතර ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ ඔහු මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයේ දී දේශපාලනයට එකතු වන්නට සූදානම් වන බවයි.
කෙසේ වුව ද ඒ කුමන පක්ෂයකින් ද යන්න තවමත් රහසක් වන අතර බොහෝ දුරට එය ඉන්දියාව විසින් තීන්දු කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
- emanisa
ශවේන්ද්‍ර සක්‍රීය දේශපාලනයට..! සියලු අතහිත ඉන්දියාවෙන්...!
2023-12-18T07:20:00+05:30
Gossip Lanka Hot News






